1947 වසරේ ජූලි මස පළමුවැනි දින අප රෙමුණ මහා විද්‍යාලය ආරම්භ කරන ලදී.
ප්‍රථම වරට එක් ශාලාවකින් ආරම්භ කල අප පාසල සිසු සිසුවියන් 36 දෙනෙකුගෙන් සමන්විතව මුල් වරට ආරම්භ කලේ එවකට අධ්‍යාපන ඇමතිව සිටි C.W.W. කන්නන්ගර මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.
එදින පළමු වරට ධර්ම දේශනයක් පවත්වන ලද්දේ ඇස් මහින්ද හිමියන් විසිනි.
ප්‍රථම වරට පාසලේ විදුහල්පති ධූරය දරන ලද්දේ P.K.D. කරුණාතිලක මැතිතුමා විසින් වන අතර එවකට උප විදුහල්පති ධුරය K.B. සිරියලතා මහත්මිය විසින් දරන ලදී.